27 C
Colombo
27/11/2024

ඩොලර් දුන්නොත් ආනයනකරුවෝ ජනතාවට සහන දෙන හැටි කියති

Share with your friends :

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් ද ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධ කර ඩොලරය මහ බැංකුවේ සම්මත මිලට ලබාදෙන්නේ නම් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලේ අඩුවීමක් කළ හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ආනයනකරුවන් ඩොලරයක් රුපියල් 400 කට ආසන්න මුදලකට මිලදී ගෙන ආනයන සඳහා ගෙවීමෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම වැලැක්විය නොහැකි යැයි ආණ්ඩුවට පෙන්වා දීමෙන් පසුව විසඳුම් ලබාදීමට පොරොන්දු වුවද එය ක්‍රියාත්මක නොවූ බවත් ආනයනකරුවන්ට අඛණ්ඩව ඩොලර් සම්මත මිලට ලැබුණ හොත් මිල අඩුවීමක් වන බවත් සෙනෙවිරත්න මහතා කීය.

මීට මාසයකට පමණ පෙර රුපියල් 200 කට මිලදී ගත් ඩොලරයකට මේ වන විට රුපියල් 400 ක් ගෙවීමට සිදුවීමෙන් පිරිවැය සියයට 100 කින් ඉහළ ගොස් ඇති බව ද සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :