ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි.
කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව සිමෙන්ති මිල රු 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.
සිමෙන්ති මිල ඉහල යාමත් සමග ඉල්ලුම අඩු වි ඇති බවත්,අලුතින් ගොඩනැගිලි ඉදි කිරිම් කටයුතු සිදු කිරිමද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙලදසැල් වල රැස් නොකරන බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් පවසති.
මේ වන විට කෙටි කාලයක් තුල සිමෙන්ති කොට්ටයක මිඅල තුන් ගුණයකින් පමණ ඉහල ගොස් තිබේ. මෙරට නව සිමෙන්ති සමාගමක් විවෘත වීමත් සමග මෙම සිමෙන්ති මිඅල අසාමාන්‍ය ලෙස ඉහල යාම විශේෂත්වයකි.
රජය අදාල කාලයේම සිමෙන්ති මිල පාලනය ඉවත් කරන ලදී.