27 C
Colombo
28/11/2024

රුසියාව අමෙරිකාවට අනතුරු අඟවයි

Share with your friends :

යුක්‍රේනයට තවදුරටත් අවිආයුධ සහ යුද ආධාර ලබාදීමෙන් අනිසි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි රුසියාව නිල වශයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රුසියාව නිකුත් කළ මෙම රාජ්‍යතාන්ත්‍රික ලිපියේ පිටපත් අමෙරිකානු මාධ්‍ය නාලිකා වෙතද යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ යුක්‍රේනය වෙත තවදුරටත් ආයුධ සැපයීම, ඇවිලෙන ගින්නට පිදුරු දැමීමට සමාන ක්‍රියාවක් බවය.

යුක්‍රේනය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 800ක යුද ආධාර සැපයීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නිල අනුමැතිය හිමිවී පැය කිහිපයකින් පසුව මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයකි.

මේ අතර තම භූමිය වෙත එල්ලවන ඕනෑම යුක්‍රේන ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස යුක්‍රේනයේ කියුව් අගනුවර වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියාව ඊයේ අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

එමෙන්ම රුසියාව අවධාරණය කළේ කියුව් වෙත එල්ලකරන ප්‍රහාර වේගවත් හා වැඩි කරන බවය.

කියුව් හි ආයුධ නිෂ්පාදන කම්හලක් ඉලක්ක කර ප්‍රහාර එල්ලවී පැය කිහිපයකින් පසු රුසියාව මෙම නිවේදනය නිකුත් කර තිබුණි.

ප්‍රහාරයෙන් කියුව් හි ගුවන් යානා හා නෞකා නාශක මිසයිල නිෂ්පාදනය කරන විසාර් හමුදා කම්හල් සංකීර්ණයට දැඩි අලාභහානි සිදුවුණි

Share with your friends :