27 C
Colombo
28/11/2024

මුදල් ඇමතිකම ගන්න කෙනෙක් නෑ.. දෙන්න අයෙක් ජනපති හොයයි

Share with your friends :

අලි සබ්රි මහතා පැය විසි හතරකට අඩු කාලයකින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් මැලිකමක් දක්වන බව පැවසේ.
රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන ජනතා විරෝධය ඊට හේතු වී ඇති බවත් ඒ නිසා මුදල් අමාත්‍ය තවදුරටත් තවදුරටත් හිස්ව ඇත.
ජාතික ලැයිස්තුව ස්වාධීන ආර්ථික විශේෂඥයකු පත් කිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසා දෙමින් සබ්රි මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් මේ වනවිටත් ඒ කිසිවක් සාර්ථක වී නැත.

මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරය සඳහා සුදුසු අයකු තෝරා ගැනීමට නොහැකිව තවදුරටත් ඒ පිළිබඳව සොයා බලමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමටත් ආධාර ලබා ගැනීමටත් මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස අප්‍රේල් දෙවැනි සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට සැලසුම් කර සිටි බැවින් ඒ සඳහා වන කාලය දැන් අවසන් වෙිමින් ඇත.

Share with your friends :