රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.
මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් හෙට (6) සහ අන්ද්දා (7) තවදුරටත් විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අදත් හෙටත් විවාද කර අවසන් තීරණයකට පැමිණීමට එහිදී තීරණය කෙරුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) පස්වරුවේ රැස්විය.
මේ රැස්වීමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයෝ රැසක් සහභාගිවූහ.