නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ .
ඊයේ (2) දින රාත්‍රී 08.00 ට පමණ මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි .
අවම නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පිරිස ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබුණි .
මේ පිළිබඳව තොරතුරු බාහිර පාර්ශව වෙත අනාවරණයවීම වළක්වා ගැනීමට ගුවන් තොටුපළ තුළ දැඩි සීමා කිරීම් සිදු කර තිබුණි .