රුසියාවට, යුක්රේන යුද්ධය ජයගත නොහැකි බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ අමෙරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට තවදුරටත් බලයේ රැඳී සිටිය නොහැකි බවය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්,
“දෙවියන්ගේ නාමෙන්, මේ මිනිසාට බලයේ ඉන්න බැහැ.”
විලැද්මීර් පුටින් බලයේ සිටින්නේ ද නැද්ද තීරණය කරන්නේ ජෝ බයිඩන් නොව සිය පුරවැසියන් බව, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව කියා සිටියේය.
මේ අතර සිවිල් ආරක්ෂක ආධාර ලෙස යුක්රේනයට අමතර ඩොලර් මිලියන 100ක් ලබාදෙන බව, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේත් රුසියානු හමුදා යුක්රේනය වෙත දරුණු ප්‍රහාර එල්ල කළ බවය.
රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 32කි.
නේටෝ සාමාජික රාජ්‍යයක් වන පෝලන්ත දේශසීමාව අසළ පිහිටි යුක්රේන නගරයක් වන ලිවිව් සහ තදාසන්න ප්‍රදේශ වෙත රුසියානු හමුදා ඊයේ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.