මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි නුවර සිය දෙදින නිල සංචාරය නිමා කරමින් අද (17) ඉන්දීය රජය විසින් ඉන්දීය රාජ්‍ය බැංකුව හරහ ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් කෙටි කාලීන සහනදායී ඇ.ඩො. බිලියන 1 ක ණය පහසුකමට අදාළ ගිවිසුමට අත්සන් තැබුවේය.
අමාත්‍යවරයාගේ පසුගිය වසරේ දෙසැම්බරයේ නවදිල්ලි සංචාරයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟ වූ ආර්ථික සහයෝගීතා වැඩපිළිවෙළේ ප්‍රධාන අංගය වූ ඩොලර් බිලියන 1 ක ණය පහසුකම ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්යවශ්ය දේ සම්පාදනය සඳහා ශ්‍රී ලංකා රජයට ලබා දෙන බව පවසන ලදී.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දීය මුදල් අමාත්‍ය ශ්‍රීමිති නිර්මලා සීතාරාමන් ඉදිරියේ අද පස්වරුවේ නවදිල්ලි නුවර මුදල් අමාත්‍යාංශයේදී මෙම අත්සන් තැබීම පැවැත්විණි.
මෙම අවස්ථාවට ඉන්දීය රාජ්‍ය බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී අශ්විනි කුමාර් තිවාරි සහ බැංකුවේ සාමාන්‍යාධිකාරී ශ්‍රී විනෝද් කුමාර් යන මහත්වරු ද සහභාගි වූහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් S. R. ආටිගල මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය රාජ්‍ය බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී පුෂ්කර් ජා මහතා අත්සන් තැබීය.