27 C
Colombo
24/11/2024

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වලපල්ලට යවන දාසයා …..

Share with your friends :

කොරෝනා නිසා පාසල් දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය දෙන්න හදපු ක්‍රමවේදය අතර මග බිඳ වැටිලා , මේක සම්පුර්නයෙන්ම කඩාකප්පල් කරා කියලා කියන්නේ දාසයෙක් ගේ නමක් තියෙන කිසිම ගුණක් අගුණයක් නැති පොරක්ලු , මේ රටේම දරුවන්ට යහපතක් කරන්න මේ හදපු ක්‍රමවේදය පහුගිය අප්‍රේල් මාසයේ ඉඳලා සෑහෙන්න මහන්සි වෙලා රටේ උගත්තු හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එකතුවෙලා හැදුවේ. අන්තිමට මේ වැඩේ අතර මග නවත්තලා එක්දහස් නවසිය අසුගණන් වල , අනූ ගණන් වලට අපහු රටේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අරගෙන යන්න මේ දාසයා කටයුතු කළා, දැන් දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ රූපවාහියෙන්, දරුවන්ට ගුරුවරුන් සමග ප්‍රශ්නයක් කතා කරන්න විෂය කරුණක් සාකච්ඡා කරන්නවත් විදිහක් නැහැ.කොළඹ දරුවන්ට ඔන්ලයින් ක්‍රමයට උගන්වලා ගමේ දරුවන්ට පාසලට ටීවී එකක් දෙන එක තමයි මේ දාසයාගේ කල්පනාව, අධ්‍යාපනයේ අවුරුදු විසි ගානක් වැඩ කරලත් මේ හාදයාගේ මොලේ තවමත් හැදිලා නැහැනේ. මේ වගේ මිනිස්සු එක්ක සක්කරයා ආවත් රටක් නම් දියුණු කරන්න වෙන්නේ නැහැ. මේ වගේ අයගේ ලනු කෑවොත් ඇමතිවරු , ලේකම්වරුත් අමාරුවේ වැටෙන බව හොඳට මතක තියා ගන්න ඕන ,

Share with your friends :