27 C
Colombo
24/11/2024

සැමන් බදු වැඩිවීමෙන් මිලත් නගී

Share with your friends :

රජය මගින් බදු වැඩි කිරීමත් සමග සැමන් මිල වැඩිවී තිබේ. පසුගිය දිනවල කිලෝවකට ශත 25 ක් දක්වා අඩු කරන ලද සැමන් සඳහා බද්ද යලිත් කිලෝවකට රුපියල් සියය දක්වා රජය විසින් වැඩි කර තිබේ.මේ වන විට ලෝක වෙළඳ පොලේද සමන් මිල ඉහල ගොස් ඇති අතර නව බද්ද සමග සමන් ටින් එකක් රුපියල් 290 ත් 300 අතර වනු ඇති පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.
කෙසේ වෙතත් මේ දින වල කොරෝනා නිසා ජනතාව මාළු කෑමට බියෙන් පසුවන අතර සැමන් මිල වැඩි වීම නිසා ජනතාව මාළු කෑමට යොමු වනු ඇති බවට අපේක්ෂා කෙරේ. මේ අතර දේශීය සැමන් නිෂ්පාදන සමාගම් වලින්ද අදාළ බදු වැඩි කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත්වී තිබිණි.

Share with your friends :