27 C
Colombo
28/11/2024

ඇපල් බදු සියයට 200 කින් නගී

Share with your friends :

ආනයන සීමා කළ ඇපල් සඳහා බදු සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති.

මිදි සහ දෙළුම් සඳහා බදු සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බදු ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති.

මෙම ආනයනය සීමාව පැනවීමට පෙර ඇපල් කිලොවක් සඳහා පැවැති රුපියල් 100 ක බදු මේ වන විට රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළතුරු අනයනනික සමාගම නිලධාරියෙක් මිදි සහ දෙළුම් කිලෝවක් සඳහා පැවැති රුපියල් 200 ක බදු රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව ද සඳහන් කළේය.

මෙම බදු ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී ඇපල්, මිදි සහ දෙළුම් ඇතුළු ආනයනික පළතුරු මිල කීපගුණයකින් ඉහළ යනු ඇතැයි ද ආනයනකරුවෝ කියති.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස පළතුරු වර්ග කීපයක් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යැයි භාණ්ඩ වර්ග 367 ක ආනයන සීමා කිරීමට රජය පසුගිය 9 වැනිදා පියවර ගත්තේය.

Share with your friends :