27 C
Colombo
25/11/2024

විමල්ට-ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ආරාධනාවක්

Share with your friends :

විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇත .

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි .

එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් පක්ෂ කිහිපයක් එක්කර ගනිමින් පුළුල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති අතර, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණත්, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ් උරුමයත් ඊට සම්බන්ධ කරගත යුතු බවට එහිදී යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

Share with your friends :