27 C
Colombo
24/11/2024

මහනුවර භූ කම්පනය සුළු කම්පනයක් – මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Share with your friends :

මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද සිදුවූ භූ චලනය සමග යලිත් වරක් මහනුවර ජනතාව තුල විශාල භූකම්පන බියක් හට ගෙන තිබේ.
ප්‍රදේශවාසින් පවසන්නේ උදෑසන පොළව යටින් විශාල ශබ්දයක් ඇතිවූ බවත් ඒ සමගම නිවාස සෙලවී ගිය බවත්ය.අද පෙරවරුවේ මහනුවර දිසත්‍රික්කයේ සුළු භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය ද සනාථ කර තිබේ.
මේ පිළිබඳව මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පල්ලෙකැලේ භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය සවිකර ඇති මාපකයේ 2.2 ක අගයක් සටහන් වි ඇති බවත් එය දරුණු භු කම්පන අවස්ථාවක් නොවන බවත්ය.
මේ අතර මෙම භූ කම්විපනය දැනුනු ප්‍රදේශයේ ජනතාව පවසන්නේ විනාඩි දෙකක් පමණ මෙම සෙලවීම තිබුණු බවත් නිවාසවල වහලවල් වීදුරු ජනෙල් පවා හඩ නගමින් සෙලවුණු බවත් පොලවේ හිටගෙන සිටි අයගේ කකුල් පවා හිරිවැටෙන ආකාරයට ඇද ගෙන යනවා වැනි හැගීමක් දැනුනු බවත්ය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ද වික්ටටෝරියා ජලාශය අවට ඇති ගුරුදෙණිය හාරගම අනුරගම අවට බොහෝ ප්‍රදේශවලට කිහිප අවස්ථාවකදී පොලවේ සෙලවීම් ඇතිවිය.

Share with your friends :