27 C
Colombo
27/11/2024

රුසියානු හමුදා සොල්දාදුවන් 4300 ක් මරා දැමූ බව යුක්රේන රජය කියයි

Share with your friends :

රුසියානු හමුදා සොල්දාදුවන් 4300 ක් යුද්ධයේදී මරාදමා ඇති බව යුක්රේන රජය ප්‍රකාශ කර තිබේ.
මේ වන විට යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියන් දූත පිරිසක් බෙලරුස් වෙත පැමිණ ඇත.

“එළඹී ඇති එකඟතාවයට අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනාධිපති පරිපාලන ඇතුළු අනකුත් දෙපාර්තමේන්තුවල නියෝජිතයින්ගෙන් සමන්විත රුසියානු නියෝජිත කණ්ඩායම යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා බෙලාරුස් වෙත පැමිණ ඇත. එකඟතාවයකට පැමිණීම සඳහා සාකච්ඡා ගොමෙල් නගරයෙ හි ආරම්භ කිරීමට අපි සූදානම්,”පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.

රුසියාව සාකච්ඡා සඳහා සූදානම් අපි ඉන්නේ යුක්රේනයේ දූත පිරිස එනකන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

බෙලරුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ රුසියාව සහ යුක්‍රේනය අතර ගෝමෙල් හි සාකච්ඡා සඳහා අවශ්‍ය සියල්ල මින්ස්ක් විසින් සූදානම් කර ඇති බවයි.

මෙම ප්‍රකාශයට කෙලින් ප්‍රතිචාර දක්වා නැතත් ජනාධිපති සෙලෙන්ස්කි ගේ ටෙලිග්‍රෑම් ගිණුමේ ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පණිවිඩයකින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට රොකට් ප්‍රහාර එල්ල කරන බෙලරුසියාවේ සිට තමන් සාකච්ඡ කිරීමට සුදානම් නැති බවයි.

ජනාධිපති සෙලෙන්ස්කි සාකච්ඡාවට සුදානම් නගර ලෙස පෝලන්තයේ වර්සෝ,හංගේරියාවේ බුඩාපේස්ට් සහ තුර්කියේ ඉස්තාන්බුල් නුවර නම් කර තිබුණි.

Share with your friends :