27 C
Colombo
27/11/2024

ඩීසල් හිඟය බස් ධාවනයටත් බලපායි

Share with your friends :

ඉන්ධන හිගය හේතුවෙන් හෙට (28) සිට පෞද්ගලික බස්රථවල ගමන්වාර ප්‍රමාණය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව කාර්යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී ය අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් බස් රථ ධාවනයට පියවර ගන්නා බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

කොරෝනා වසංගතයේ බලපෑම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ධාවනය වන බස් රථ ප්‍රමාණයද සියයට පනහකට අධික අගයකින් පහල බැස ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ ධාවනය වන්නේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් හෙතෙම පැවසීය.

එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවකට පත්විය හැකි බවත් ඔහු කීවේය.

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Share with your friends :