පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25)පැවසීය.
ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර කළ ප්‍රකාශය ද සලකා බලන විට පෙනෙන්නේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍ය බව යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
“අවසානයේ ශානි අබේසේකර ගේ දිවුරුම් ප්‍රකාශය තිබෙනවා.මේ ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුන බව ශානි අබේසේකර පවසනවා.මෙය 2019 වසරේ නොවැම්බර් මාසයට පෙරත් ශානි අබේසේකර සඳහන් කර තිබෙනවා.මේ කරුණු සියල්ලම සලකා බැලූ බැලූ විට පෙනෙන්නේ මේ පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බවයි.මේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නෙ ඇයි?මොවුන්ට විරුද්ධව නඩු පවරන්නේ ඇයි?මේ හෙළි කරන කාරණා ගැන පරීක්ෂණයක් කරන්නෙ නැද්ද?මේ අවස්ථාවේදී සියලුම දෙනා එක්වී අපක්ෂපාතී තීරණයක් ගත යුතුව තිබෙනවා.මේ ඇතිවී තිබෙන අලුත් කරුණු ගැන වාර්තා කිරීමට සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍යයි.යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.