27 C
Colombo
28/11/2024

කැබිනට්-රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල ගැටුම්

Share with your friends :

කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සිටින ඇතැම් අමාත්‍යංශවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අතර මත ගැටුම් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අමාත්‍යාංශවල කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර ද, ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් අතරද මෙම මත ගැටුම් ඇතිව තිබෙන බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .

ඇමතිවරුන් ගණනාවක් ම ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැමිණිලි කර ඇතැයි දැනගන්නට ඇත.

වනජීවී ඇමති සී බී රත්නායක මහතා එහිදී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, තම නිලධාරින්ට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවය.

තමාට දී ඇත්තේ හෙණ්ඩුව පමනක් බවත් ,අලියකු නොමැති බවත්, සී බී රත්නායක ඇමතිවරයා එහිදී ප්‍රකාශකර ඇතැයි ද සදහන් වේ.

මේ සම්බන්ධයෙන් තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු ද අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ වල කටයුතු පහසු කර ගැනීම සදහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් ,අමාත්‍යංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයපථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත .

තමා මේ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත .

Share with your friends :