ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වසරටම වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 990ක පමණ මුදලක් වුවද ඉකුත් වසරේ වැඩ අවසන් කළ ව්‍යාපෘති සඳහා හිඟ බිල් ගෙවීමට පමණක් රුපියල් කෝටි 1200 ක පමණ මුදලක් ගෙවන්නට සිදුව ඇත.
ඒ හේතුවෙන් එම අමාත්‍යංශය දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා අතර ඉකුත් දා ඇතිවූ මත ගැටුමට ද මූලික වී ඇත්තේ මෙම අර්බුදය බව දැනගන්නට ඇත .
මේ වසරේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මුදල් නිදහස් කරන ලෙස රාජ්‍ය ඇමතිවරයා ලේකම්වරයාට උපදෙස් දී ඇතත්, මුදල් නිදහස් කළ නොහැකි බව ලේකම්වරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ .
ඉකුත් වසරේ හිඟ බිල් වෙනුවෙන් ගෙවීමට ඇති මුදල් ගෙවීමට ද මේ වසරේ මුදල් යොදා ගන්නා ලෙස මහා භාණ්ඩාගාරය උපදෙස් දී ඇති බැවින්, එම මුදල් නිදහස් කළ නොහැකි බව ලේකම්වරයා ඇමතිවරයාට පෙන්වා දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .