ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පසුගිය ජනවාරි මාසයේදී මෙම ණය ගෙවීමට නියමිතව තිබූ අතර එය ගෙවීමට ඉන්දිය රජය සහන කාලයක් ලබාදුන් අතර එය ලබන මාසයේදී ගෙවිය යුතුව ඇත.
මේ වනවිට රජය සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක් වන අතර එම ප්‍රමාණය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට සති දෙකහමාරකට සෑහෙන බව ද ඔහු පවසයි.
ඉතා අඩුම සංචිත ප්‍රමාණයක් තිබෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ලබන මාසයේ ඩොලර් මිලියන 515ක් ගෙවීම රටට බරපතල ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඔහු කීය.