රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත .
එහි පළමුවැන්න ලබන බදාදා(09) සවස 2.00 ට අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගණයේදී පැවැත්වේ .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අගමැති මහින්ද රාජපක්ෂ ,මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද, රජයේ මැති ඇමැතිවරුන් ද ඊට සහභාගි වීමට නියමිතය .
කොවිඩ් වසංගතයෙන් ජය ගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කිරිම සඳහා මෙම රැස්වීම් මාලාව පැවැත්වෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රකාශකයෙක් සඳහන් කළේය .