විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ඔහු මෙසේ පිටව යන්නේ ඉන්දියාවේදී ලබන 6 වැනිදා පැවැත්වෙන හමුවකට සහභාගිවීම සඳහාය.
විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ අගමැතිවරයා විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.