27 C
Colombo
24/11/2024

කැඩුණු PCR යන්ත්‍රය වැනිම තවත් යන්ත්‍රයක් ගෙන්වීමේ උත්සාහයක් – රවී කුමුදේශ්

Share with your friends :

මුල්ලේරියාව රසායනාගාරයේ දෝෂ සහිත PCR යන්ත්‍රය නැවත වතාවක් ක්‍රියා විරහිතවී ඇතැයිද එසේ තිබියදී එවැනිම තවත් PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් උත්සාහ කරමින් සිටින බවට වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ලංකාවෙ වෙනත් කිසිම තැනක මේ විදියට PCR යන්ත්‍ර හෝ විශ්ලේෂක යන්ත්‍ර කැඩීමක් වාර්තා නොවන බවත් , චීන තානාපති කාර්යාලය වරින් වර ඔවුන්ගේ සමාජ ජාලාවල සටහන් තබමින් “මේ යන්ත්‍රය කැඩිලා නෑ, මේ යන්ත්‍රය හොඳින් වැඩ කරනවා, මේසයේ ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ, මේසයේ ඇදයක් නිසා තමයි මේක වැඩ කළේ නැත්තෙ ” යනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීම ගැටළුවක් බවත් රවී කුමුදේශ් මහතා පවසයි.
මෙය ආධාරයක්ද එසේත් නැතිනම් රජය මුදලට ලබාගත් එකක් දැයි සැක මතුවී ඇති බවත් , මේ රසායනාගාරය හදන්නට රුපියල් මිලියන 250ක් වැය කල අතර මෙය ආධාරයක් නම් මුදල් වැය කළේ කුමක් සඳහාද යන්න ගැටළුක් බවත් ඔහු සඳහන් කරයි.

Share with your friends :