27 C
Colombo
24/11/2024

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් UDA ගන්නවාට ආචාර්යවරුන්ගෙන් අගමැතිට විරෝධය

Share with your friends :

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් වටිනා ඉඩම් දෙකක් නාගරික සංවර්ධන අධිකාරියට හා කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය ට පවර ගැනීම වහාම නතර කකරන ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන්ට අයත් ශිෂ්‍යාවන් 550 කට වැඩි පිරිසකට සහ විශේෂ අවශ්‍යතා සහිත කාන්තා ශිෂ්‍ය විද්‍යාර්ථයින් වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීමට එම විශ්වවිද්‍යාලය විසින් ඉතා දීර්ඝ කාලයක් පුරා භාවිතා කරමින් සිටින කොළඹ 02, මුත්තයියා පාරේ පිහිටි නේවාසිකාගාර ගොඩනැගිලි සහිත අක්කර දෙකහමාරක පමණ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත්කරගැනීමට උත්සාහ දරන බවට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එසේම කොළඹ 07, බෞද්ධාලෝක මාවතට යාබදව පිහිටි ග්‍රහලෝකාගාරය ආසන්නයෙන් පිහිටි විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයේ කොටසක්ද අත්පත්කරගැනීමට කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය මගින් උත්සාහ කරන බවද පවසන විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙම වටිනා ඉඩම් විශ්ව විද්‍යාලය යටතේ පැවතිය යුතු බවද ඒවා සිසුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඍජුවම බලපාන බවද කියා සිටී.

Share with your friends :