පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ අභියෝගයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (21) බාරගත්තේය.
අලුත්ගමගේ මහතා මෙම ආරාධනය කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් සිටින අතරතුරදීය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කළ නිසා තමා ඒ සම්බන්ධයෙන් ඔහුට විවාදයකට ආරාධනා කරන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පැවසීය.
“පාස්කු ප්‍රහාරය ගැන අපි අපේ සාක්ෂි අරගෙන එන්නම්. ඔයාලා ඔයාලගේ සාක්ෂි අරගෙන එන්න. අරගෙන අපි විවාද කරල බලමු.” යැයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
තමා ඊට සූදානම් බවත් විවාදවලට බිය නොවන බවත් හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.