කිරි ගොවීන්ට දියර කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 5 කින් ඉහළ දැමූ බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්රමසිංහ මහතා පැවසීය.
මෙම මිල ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්රියාත්මක වන බව කී ලසන්ත වික්රමසිංහ මහතා කිරි ගොවීන් දිරිමත් කිරීම සඳහා මෙම මිල වැඩිකිරීම කළ බව ද සඳහන් කළේය.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඉහළතම ප්රමිතියේ කිරි ලීටරයක් සඳහා ගොවීන්ට රුපියල් 100 කට ආසන්න මුදලක් ලැබෙන බවත් කිරිවල ප්රමිතිය අනුව ගෙවන මුදල තීරණය වන බවත් සභාපතිවරයා කීය.
කිරි ගොවීන් සපයන කිරි ප්රමාණය අනුව ද ලීටරයක් සඳහා ගෙවන මුදල වෙනස්වන බවත් ලීටර් ප්රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න ගොවියාට ලැබෙන ආදායම ඉහළ යන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.