2021 වසර සඳහා පාසල් කාල සටහන ප්‍රකාශයට පත් කර තිබේ.පළමු වාරය 2021 ජනවාරි 04 වැනිදා ආරම්භ වන අතර ජනවාරි 16 දක්වා එහි පළමු අදියර පැවැත්වේ. ජනවාරි 16 වැනිදා සිට ජනවාරි 31 දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර එම කාලය පාසල් නිවාඩු කාලයකි.එහි දෙවන අදියර පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා පැවැත්වේ.
දෙවන වාරය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන අතර ජුලි 30 වැනිදා දක්වා පැවැත්වේ. තෙවැනි වරයා අගෝස්තු 30 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වේ.
මුස්ලිම් පාසල් වලට රාමසාන් උපවාසය සඳහා අප්‍රේල් 10 වැනිදා සිට මයි 16 දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ.ඔවුන්ගේ දෙවන වාරය මැයි 17 සිට අගෝස්තු 25 දක්වා පැවැත්වේ.
මේ අතර රට පුරා පාසල්වල මේ වසරේ තුන්වන වාරය දැනට තීරණය කර ඇති පරිදි ලබන 23 වැනිදා ආරම්භ කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැත.තුන්වන වාරය ආරම්භ කිරීමට තිබුණේ නොවැම්බර් 9 වැනිදා වුවත් රටේ පවතින කොවිඞ් 19 තත්ත්වය නිසා සති දෙකකින් කල්දැමීමට රජය තීරණය කළ අතර දැනට නියමිත දිනය වන්නේ නොවැම්බර් 23 වැනිදාය.