27 C
Colombo
25/11/2024

නොරොච්චෝලට ලෝක පරිමාණ අර්බුදයක් – සැපයුම්කරුවන් බෑ කියයි

Share with your friends :

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට විදේශ විනිමය නොමැතිවීමේ ප්‍රශ්නයට අමතරව තවත් ලෝක පරිමානව අර්බුදයක් මතු වී තිබේ.

මේ වන විට ලෝකයේ ගල් අගුරු මිල අහස උසට නැග තිබීම මීට හේතුවයි. ලොව ප‍්‍රධානතම ගල් අගුරු අපනයනකරු වන ඉන්දුනීසියාව සිය අපනයන දැඩිව සීමා කර තිබීමද මීට බලපා ඇත.

අවසන් වරට ශ්‍රී ලංකාන විසින් ඉදිරිපත් කරන ලද ගල් අඟුරු ටෙන්ඩර සදහා සැපයුම්කරුවන් ද ඉදිරිපත් නොවූයේ මෙම ප්‍රශ්නය හේතුවෙනි.

සැපයුම්කරුවන් ගල් අගුරු සඳහා පෙර ගෙවීම් ඉල්ලා සිටීමත් සමග අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇත.

කලින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 100කට අඩු මුදලකට මිලදී ගත හැකි වුවද මේ වන විට ගල් අගුරු මෙටි‍්‍රක් ටොන් එකක් සඳහා ඩොලර් 250 ආසන්න මිල ගණන් ඉදිරිපත් කරමින් ඇත.

මෙම තත්ත්වය මත නොරච්චෝල බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කළ ද ඒ සඳහා වන පිරිවැය ඉතා විශාල වශයෙන් ඉහළ යෑමට නියමිතව තිබේ.

Share with your friends :