විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය ප්රකාශයට පත් කළේය.
ඒ අනුව කලාප හතරකට වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව විදුලිය කපන ආකාරය සඳහන් එම ලේඛනයේ සඳහන් වේ.
එම ලේඛනය ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.
පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30 – 7.30 අතර පස්වරු 7.30 – 830ත් අතර සහ පස්වරු 8.30 – 9.30ත් අතර වශයෙන් කලාප හතරට විදුලි කප්පාදු කරන බව ද එහි සඳහන් වේ.
සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වේ.