මහජන විරෝධතාවයකට පොලීසිය පහරදීම නිසා සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ වගකීම භාර ගනිමින් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති මැනුවල් මෙරිනෝ එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහු මෙම තනතුරට පත්වී සතියකටත් අඩු කාලයකට පසු මෙම ඉල්ලා අස්වීම සිදුව තිබේ.
පේරු රාජ්‍යයේ ජනාධිපතිව සිටි මාර්ටින් විස්කාරා හට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයකින් ඔහු ඉවත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූ මැනුවෙල් මෙරිනෝ එම තනතුරට පත් විය.
මාර්ටින් විස්කාරා ඉවත් කිරීමට එරෙහිව මෙම විරෝධතා පැවති අතර ඊට පොලීසිය දරුණු ලෙස පහර දීම නිසා දෙදෙනෙකු මිය ගියහ.මෙහිදී මිය ගියේ අවරුදු 24 ක හා 25 ක තරුණයන් දෙදෙනෙකි. පොලිස් ප්‍රහාරයට විරෝධය පාමින් අන්තර් වාර රජයේ කැබිනට් ඇමතිවරු දොළොස් දෙනෙක්ම ඉල්ලා අස්වූහ. ජනාධිපතිවරයා ඉල්ලා අස්වූයේ ඉන්පසුවය.