පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතළ හිඟය හේතුවෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවත් කරගෙන ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
සේවක හිඟය හේතුවෙන් සමස්ථ බස්රථ සංඛ්‍යාවෙන් සියයට 50 කට අධික සංඛ්‍යාවක් ධාවනය නොවන බවත් විජේරත්න මහතා කීවේය.
කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොවීම සහ බස් රථවල ආදායම අඩුවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හෝ ප්‍රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලුවක් වී ඇතැයිද විජේරත්න මහතා පැවසීය.