27 C
Colombo
24/11/2024

ශ්‍රිලංකාවේ විදුලි නිෂ්පාදනයට ඇමරිකානු සමාගම් ළඟදීම එක්වෙයි

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රිලංකාවේ විදුලි බල උත්පාදන ව්‍යාපෘති සඳහා ළඟදීම එක්වනු ඇත.
මේ සඳහා වන LNG ව්‍යාපෘති යෝජනා දෙකක් ශ්‍රිලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිස් විසින් රජයට ලබාදී තිබේ.
මේ යටතේ වසර පහක කාලයක් යනතුරු කිලෝවොට් එකක් රුපියල් 18.29 ක මුදලකට සැපයීමට ඇමරිකානු සමාගම් කැමැත්ත පල කර තිබේ. නිව් ෆෝට්‍රස් සහ ජෙනරාල් ඉලෙක්ට්‍රික් යන ඇමරිකානු සමාගම් මේ යටතේ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර තිබේ.
මෙම ව්‍යාපෘති යෝජනාවලට සම්බන්ධ මුලික කටයුතු දැනටමත් රජයේ පාර්ශවයෙන් ආරම්භ කර තිබේ.

Share with your friends :