ලංකා සතොස සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය රුපියල් මිලියන 7700 ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙයින් රුපියල් මිලයන තුන්දහසක් පමණ පිටිකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනකරුවන්ට ණය වී ඇති අතර ඉතිරි මුදල පුද්ගලික සමාගම් හා සාමාන්‍ය සැපයුම්කරුවන්ට ගෙවීමට තිබේ. මේ ණය හේතුවෙන් සැපයුම්කරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටින අතර මේ හේතුවෙන් බොහෝ සැපයුම්කරුවන් ණය ගෙවන තුරු ලංකා සතොසට භාන්ඩ සැපයීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර සතොස සඳහා භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන දෙදහසක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.