27 C
Colombo
25/10/2024

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1500ක් වරායේ හිරවේ

Share with your friends :

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500 ට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

ඩොලර් හිගතාවය හේතුවෙන් මුදල් ගෙවා ඒවා නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ හේතුව මත එළඹෙන උත්සව සමයේ දී පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගයක් ඇති වුණු ඇතැයිද ආනයනකරු කියා සිටිති.

අර්තාපල්, බීළුණු, මිරිස්, පරිප්පු, කඩල, කුළුබඩු ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍ය රැසක් මෙම කන්ටේනර් වල අඩංගුව ඇතැයි ද පවසන ඔවුන් මේවායේ වටිනාකම ඩොලර් මිලියන 150ක් 200ක් අතර බව ද සඳහන් කරති.

Share with your friends :