27 C
Colombo
24/10/2024

ආණ්ඩුව යුගදනවි ගිවිසුමේදී කැබිනට් මණ්ඩලය අන්දලා

Share with your friends :

කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්‍රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමට නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයැයි ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් බව ද මන්ත්‍රීවරයා කීය.

“රජය සහ නිව් පෝට්‍රස් එනර්ජි සමාගම අතර ගිවිසුම ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටියා.එම ගිවිසුම අප සතුව තිබුණා නම් මේ විවාදයේ දී ඉතා වැදගත් වෙනවා.ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැහැ.

මා සතුව ඒ ගිවිසුම තිබෙනවා.මොවුන් පාර්ලිමේන්තුවට ගිවිසුම ඉදිරිපත් නොකර සඟවාගෙන සිටිනවා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පරමාධිපත්‍ය විශ්වාස කරන ඕනෑම ආණ්ඩුවක් විසින් කළ යුතු දෙයක් බව කිව යුතුයි.

මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්‍රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමයි.නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයි.එම නිසා මෙය මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් බව කිව යුතුයි.මේ ගිවිසුම වසර දෙකක් යනතුරු දෙපාර්ශවය අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශයට පත් නොකිරීමට ද එකඟතාවයක් ඇති වී තිබෙනවා. මේ රටේ දේපළ සම්බන්ධයෙන් එහෙම කරන්න පුලුවන්ද?”යනුවෙන්ද අනුර දිසානායක මහතා කීවේය.

Share with your friends :