27 C
Colombo
24/10/2024

කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අවසන් කෙරේ

Share with your friends :

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද අතර එතැන් සිට වසරකුත් මාස නවයකට ආසන්න කාලයක් පුරාවට කොවිඩ් – 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතු, නිරෝධායන කටයුතු සහ කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම හා සබැඳි සියලු සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසිනි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනත් ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ප්‍රතිස්ථාපනය කරන ලදී.

Share with your friends :