27 C
Colombo
23/10/2024

කැබිනට් එකේ අත උස්සන්න විතරක් ඇමතිකමක් එපා.. ඇමතිකම අතහරින්න වුණත් කමක් නෑ..- CB

Share with your friends :

කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී බී රත්නායක මහතා සඳහන් කරයි.

වැඩ කිරීමට හැකි නම් වැඩ කළ යුතු බවත් එහිදී කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවත් ඒ මහතා පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘සමහර විට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරයි. අපට අමාත්‍යාංශ දාලා යන්න වුණත් යනවා ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒත් මම නුවරඑළියෙ ජනතාවට වග කියන්න ඕන. මම රටේ සමස්ත ජනතාවට වග කියන්න ඕනි’

Share with your friends :