27 C
Colombo
22/10/2024

කථානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බවට විපක්ෂයෙන් චෝදනා

Share with your friends :

පාර්ලිමේන්තුවේ පාලනය කථානායකවරයාගෙන් ගිලිහී ගොස් ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

කථානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරනු ඇති බව දක්නට ලැබෙන එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ මේසය පිටුපසින් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ විපක්ෂය දෙසට පැමිණ මනූෂ නානායක්කාර මහතා තල්ලු කර පහරදීමට උත්සහ කිරීම ගැන කථානායකවරයා වචනයක් හෝ කථා නොකළ බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

පාර්ලිමේන්තු සභාගැබ තුළ කථානායකවරයාගේ ඇස් ඉදිරිපිට සිදුවු එම සිදුවීමට ඔහු තීන්දුවක් නොදී කමිටුවක් පත්කිරීම හාස්‍යයට කරුණක් බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කථානායක වූ විගස එම පක්ෂයේ නිලතල අත්හළ යුතු නමුත් කථානායකවරයා තවමත් පොදුජන පෙරමුණේ වැලිගම ආසනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව ද එම නිවේදනයේ දක්වා ඇත.

Share with your friends :