27 C
Colombo
21/10/2024

අනුර නායකයා කර බලවේගයක් සාදා බලය අරගෙන ජනතාවට සහන දෙනවා..

Share with your friends :

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුල ජාතික බලවේගයක් ගොඩ නැගිමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (05) දින ගමෙන් පටන් ගමු යන වැඩසටහන (05) දින හැටන් නගරයෙන් අරම්භ කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සහ ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවකගේ ඉල්ලිමක් මත ජාතික බලවේගයක් ගොඩනගා කඩනමින් රටේ පාලන තත්ත්වය ජාතික බලවේගය සතු කරගෙන මේ රටේ ජනතාවට කඩිනමින් සහන සැලසිම ජාතික බලවේගයේ අපෙක්ෂාව බවයි.

රටේ ජනතාවට ආරක්ෂාව නොමැති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත්, රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

Share with your friends :