27 C
Colombo
23/10/2024

රජය විවේචනය කරනවා නම් ඉවත් වෙන්න

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත් ඔවුන් සියලු දෙවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම් බුද්ධිමත් ජවනතාවට හිතන්න දෙයක් තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රජයේ සිටිනවා නම් සහයෝග දියයුතු බව කී නීතිඥා සාගර කාරියවසම් මහතා විරුද්ධව කථා කරනවා නම් එය සන්ධානයක නොවිය යුතු දෙයක් බව ද සඳහන් කළේය.

මේ අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බොරදියේ මාළු බානවා වගේ දෙයක් කරගෙන යන බවත් කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක වුණා නම් සිරිසේන ජනාධිපතිතුමා මුලින්ම එළියට බැහැලා ඕක මුලින්ම පටන්ගත්තේ මම, මගේ කාළේ තමයි මූලික අඩිතාලම දැම්මේ ඒ නිසා ඕකෙ ගෞරවය එන්න ඕන මටයි කියන බවත් කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.

Share with your friends :