27 C
Colombo
24/11/2024

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

Share with your friends :

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී තිබේ.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමනට එම ධුරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම මත තමා ධුරයෙන් ඉවත් වූ බව ඔහු සඳහන් කර තිබේ.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල නොකරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුට දැනුම් දී ඇතැයිද සදහන්ය.
මීට පෙර ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද අතර එම තනතුරෙන්ද ඔහු හදිසියේම ඉවත් කරන ලද්දේ කිසිදු හේතු දැක්වීමකින් තොරවය.

Share with your friends :