27 C
Colombo
23/10/2024

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ

Share with your friends :

ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක් සිදුවී තිබේ.

කොළඹ දිස්ත‍්‍රික්කයේ පිලියන්දල, මොරටුව, අතුරුගිරිය, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ වල මෙසේ විදුලිය බිඳවැටීමක් සිදුව ඇත.

ඊට අමතරව මාතලේ, බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ද ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇත.

විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ වූ බිඳවැටීමක් මීට හේතුව බවයි.

කිසිසේත් මෙය විදුලි කප්පාදුවක් නොවන බවද මණ්ඩලය කියා සිටියි.

විදුලි සැපයුම ඉක්මනින්ම යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද මණ්ඩලය තව දුරටත් පවසයි.

Share with your friends :