27 C
Colombo
23/10/2024

කොන්ද හරියට තියෙනවා නම් විමල්, ගම්මන්පිල, වාසු කැබිනට්ටුවෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ – රෝහිත

Share with your friends :

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් තමන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතීඥවරයෙකු යොදවාගෙන වෙනම කරුණු දැක්වීමට යන්නේ නම් ඔවුන් කළයුතුව ඇත්තේ මුලින්ම කැබිනට් ඇමතිකම් වලින් ඉල්ලා අස්වීම බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“මම නම් හිතන්නෙ ඉතිං කැබිනට් එකේ ඉන්න අමාත්‍යවරු තුන්දෙනෙක් මේ වගේ කරනවා කියන්නෙ දේශපාලන විහිළු සපයන්නො බවට පත්වෙනවා. මම නම් ඒක කළේ, නීතීඥ මහත්තුරු පත්කරනවා නම් මම නම් මුලින්ම කැබිනට් ඇමතිකම ගිහිල්ලා කැබිනට් මණ්ඩලයටම දන් දෙනවා. මට බෑ ! එහෙමයි කරන්න ඕනෙ කොන්ද තියෙනවා නම් හරියට. ඉතිං මෙතන කැබිනට් මණ්ඩලේ ඉන්නවා පූස් පැටව් වගේ. ඊට පස්සෙ යනවා වෙන කොහෙවත්. මම නම් විරුද්ධයි ඔය වැඩේට.

පවුලක් ඇතුළේ ඉන්නකොට පවුලේ අම්මයි තාත්තයි දරුවොයි ඒ අතරේ යම් යම් ප්‍රශ්න මතුවෙනවා. ඒවා ඉතිං අර බත ඉදෙනකල් විතරයි කියලා තියෙනවානෙ. ඉතිං ඒවා එච්චර ලොකුවට ගන්න ඕනෙ දේවල් නෙවෙයි. ඒ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. හැබැයි අපි බොහොම පැහැදිලිව කියන දෙයක් තමයි ආණ්ඩුවක් ඇතුළෙ ඉන්නකොට ඒ ආණ්ඩුව ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලේදි ඒ අනෙකුත් සුළු පක්ෂවලටත් ඒකෙ වගකීමක් තියෙනවා. ඒ වගකීමක් නැතුව අර උරුමෙට විතරක් කර තියන්නයි කරුමෙ එනකොට අහකට යන්නයි එහෙම බෑ. එහෙම න්‍යාය පත්‍රයක් නෑනෙ. ආණ්ඩුවක් හදන්න සහෝදර පක්ෂ සහයෝගය දුන්නා නම් මේ අමාරු වෙලාවෙ ආණ්ඩුව අරන් යන්නත් ඒකට සහාය දෙන්න ඉන්න ඕනෙ. ඉතිං අපි මොකක් හරි හොඳ වැඩක් කරනකොට ඒකට අපි තමයි කියලා අත් දෙක උස්සනවා, මොකක් හරි වැරැද්දක් වගේ පේනවා නම් හෙමීට ඒකෙන් අයින් වෙනවා. එහෙම බෑ”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share with your friends :