27 C
Colombo
23/10/2024

ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 6.25ක් ණය ගෙවිය යුතුයි.. අතේ ඇත්තේ බිලියන 2.2යි

Share with your friends :

අද වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඩොලර් ණය ගැනීමට හැකියාවක් නැතිව ගොස් ඇති බවත් ගන්නා ඩොලර් ණයවලට අසීමිත පොලයක් ගෙවීමට සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාවක් පහළට වැටීම බවද ඒ මහතා පැවසීය.

ශ්‍රේණිගත කිරීම් වල පහළට නොවැටී සිටියේ නම් අඩු පොලියකට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ජන හමුවක් අමතමිනි.

මේ අතර ඉදිරි වසරක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ණය වාරිකය ඩොලර් මිලියන 6250 ක් බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් එම ණය ප්‍රමාණය ගෙවා දැමීම සඳහා ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 2200 ක් පමණක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

යම් යම් හෙයකින් මෙම ණය ගෙවාගත නොහැකි වූවොත් ලංකාවේ බැංකු පද්ධතියට පවා විශාල ප්‍රශ්නයක් ඇති වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Share with your friends :