27 C
Colombo
24/10/2024

අත – පොහොට්ටු අවුල දුරදිග යයි

Share with your friends :

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්‍රවී ඇති අතර ,ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතිය පුරා ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවති බවද වාර්තා වේ .

ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරිමින් කටයුතු කරන බවට එම පක්ෂයේ බොහෝ දෙනෙකු පසුගිය කාලය පුරා චෝදනා කළ අතර, මේ හේතුවෙන් පළාත් පාලන ආයතන වල අයවැය ඡන්ද විමසීම් වල දී තමන්ට කැමති තීන්දුවක් ගන්නැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ,ඇමැති මහින්ද අමරවීර මහතා පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය .

මේ අතර ,පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් මඩ ප්‍රහාර ගෙනයන බවට පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ඇති ඇතිවූ මත ගැටුම පක්ෂ දෙක අතර පවතින දේශපාලන විරසකයෙ උච්චතම අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share with your friends :