27 C
Colombo
24/10/2024

වෛද්‍යවරුන්ගේ ආදායම් බදු අඩුකර දෙන්නැයි GMOA අගමැති මහින්දගෙන් ඉල්ලයි

Share with your friends :

වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගේ ආදායම් බදු අයකිරීමේ ප්‍රතිශතය අඩුකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව දැනට අය කෙරෙන 24%ක ප්‍රතිශතය 12%ක් දක්වා අඩුකරන ලෙස ඒ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගෙන් අය කළේ 12%ක බදු ප්‍රතිශතයක් බව පවසා ඇති පාදෙනිය මහතා එය 24%ක් දක්වා ඉහළ දැමුවේ යහපාලන රජය විසින් හෙයින් එය නැවතත් පෙර තත්වයටම ගෙන එන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

කෙසේවෙතත් වත්මන් රජය බලයට පැමිණි මුල් අවස්ථාවේදීම ලබාදුන් විශාල බදු පැකේජයේදී ද උපයනවිට බද්ද අහෝසි කිරීමෙන් ඉහළ වෘත්තිකයින්ට සහන සලසා තිබිණි.
රජයේ සාමාන්‍ය වෛද්‍යවරයකු මාසයකට සියලු දීමනා සමග රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ වැටුපක් ලබයි. පුද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරයකුගේ මාසික අදායම රුපියල් ලක්ෂ දහය ඉක්මවයි. මීට අමතරව වසර පහකට වරක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ආදී පහසුකම් රැසක් වෛද්‍යවරුන්ට හිමිවේ.

Share with your friends :