27 C
Colombo
25/10/2024

බියකරු කොවිඩ් ප්‍රභේදයට එක්සත් රාජධානිය වැටබඳි -අප්‍රිකානු රටවල් 6කට සංචාරක තහනමක්

Share with your friends :

ඉතා වේගයෙන් පැතිරයන බවට අනුමාන කෙරෙන “භයානක කොවිඩ් ප්‍රභේදයක්” දකුණු අප්‍රිකාවෙන් හමුවී බවට වාර්තා වීමත් සමගම ආරක්ෂක පියවර තර කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් පවසන්නේ ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, ලෙසොතෝ, එස්වාතිනි සහ සිම්බාබ්වේ සිට එක්සත් රාජධානියට අද දහවල් සිට ගුවන්ගමන් තහනම් කර තිබේ.

එසේම එම රටවල් 6, රතු ලැයිස්තුවට ද එක්කර තිබේ.

ඒ අනුව එම රටවල්වල සිට පැමිණෙන බ්‍රිතාන්‍ය සහ අයිරිෂ් ජාතිකයින් තම පෞද්ගලික වියදමින් අනිවාර්ය දින 10ක නිරෝධායනයට යොමුවිය යුතුය.

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව විකෘති ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා බියකරු බවත් එන්නත්වලට පාලනය කිරීම අපහසු වෙතැයි ද අනුමාන කෙරේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය B.1.1.529 ලෙස සඳහන්ව තිබේ.

විශේෂඥයින් පවසන්නේ මේ වනවිට එම විකෘති ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ ප්‍රාන්තයකින් හමුවී ඇති බවත් වෙනත් ප්‍රදේශවලට පැතිර ගොස් ඇති බවට අනුමාන කරන බවත් ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක් විද්‍යාඥයෙක් පැවසුවේ එය මෙතෙක් ඔවුන්ට හමුවූ බියකරුම විකෘතිය බවය.

Share with your friends :