27 C
Colombo
25/10/2024

ගෑස් අනතුරුවලින් වළකින්න විදුලි පරිපථ ආරක්ෂිතදැයි බලන්න

Share with your friends :

ගෑස්වලින් අනතුරු වී තිබූ කිසිඳු ස්ථානයක ගෑස් සිලින්ඩර පුපුරා නොතිබුණු බවත් ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා නිවසේ විදුලි පරිපථ පරීක්‍ෂා කර ආරක්‍ෂිත බව තහවුරු කරගත යුතු බවත් රසපරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂක රොෂාන් ප්‍රනාන්දු මහතා අද (25) පැවසීය.
එම ස්ථානවල ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වාතයේ වායු සමඟ මිශ්‍ර වීම නිසා පුරා ගොස් තිබූ බව කී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා වායු මිශ්‍රණය දෝලනය වීම විදුලි පුළිගුවක් මගින් විය හැකි බව ද සඳහන් කළේය.
උදෑසන අවදිවීමේදී නිවසේ වායු ගන්දයක් දැනේ නම් විදුලි බුබුළු නොදල්වා දොර, ජනේල් විවෘත නොකර ගන්දය පහව යන තෙක් සිට ගෑස් පාවිච්චි කරන ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා ජනතාවට උපදෙස් දුන්නේය.

Share with your friends :