27 C
Colombo
27/10/2024

බැදුම්කරේ වගේම අනෙක් වංචාත් ඔප්පු වුණොත් දේපළ පවරා ගන්නවා

Share with your friends :

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළාසේම අනෙකුත් වංචා පිළිබඳවද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේිදී
අද (22) පැවසීය.

තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

මුදල් ඇමැතිවරයා මෙසේ පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමිනි.

අපි සියළු දෙනා එක්ව රට ගොඩ නගමු යැයිද ඔහු පැවසුවේය.

රට පුරා ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට විශේෂ වගා සංග්‍රාමයක් අරඹන බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ආහාර හිඟයකට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය.

Share with your friends :