27 C
Colombo
25/10/2024

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අමන වැඩ නිසා මගීන් අමාරුවේ – සිංගප්පුරුව මගීන් රඳවා ගනී

Share with your friends :

ශ්‍රීලන්කන් ගුවන් සේවය් ඉහල නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ගුවන් මගීන් පිරිසකට සිංගප්පුරුවේදී දැඩි අපහසුතාවලට මුහුණ දෙන්නටත් රැඳවුම් කඳවුරුවල සිරවී සිටින්නටත් සිදුවී තිබේ.
පසුගිය දිනෙක ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 308 යන ගුවන් යානයෙන් සංක්‍රමනික (transit)මගීන් පස් (05) දෙනෙකුට සිංගප්පූරු ගුවන්තොටුපොලේදී ගමනාන්තය දක්වා යා නොදී ආගමන විගමන නිලධාරීන් විසින් නවත්වන ලදී. මෙම මගීන් පස් දෙනාගෙන් ලාංකිකයන් තිදෙනෙක් නරිටා ගුවන්තොටුපල දක්වාත් අනෙක් පිලිපීන ජාතිකයන් දෙදෙනා මැනිලා ගුවන්තොටුපල දක්වාත් ගමන් කිරීමට නියමිතව තිබුණි. මෙම මගීන් 5ස් දෙනාම ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් ප්‍රවේශ පත්‍ර සෘජු මිලදී ගැනීම් අනුව ලබාගෙන ඇත

කටුනායක ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ පිරික්සුම් කවුන්ටරය මගින් boarding අවසර පත්‍රය තිදෙනෙකුට නරිටා ගුවන්තොටුපල දක්වාත් දෙදෙනෙකුට මැනිලා ගුවන්තොටුපල දක්වාත් නිකුත් කරන ලදී. එමෙන්ම චැංගි ගුවන්තොටුපොලේ සිට නරිටා ගුවන් තොටුපල දක්වා යාමට JL 712 (UL 3354) යානය සඳහාද boarding අවසර පත්‍රය නිකුත් කරන ලදී.

චැංගි ගුවන්තොටුපලේදී සිංගප්පූරු ආගමන නිලධාරීන් විසින් අදාළ ගුවන් ගමනාන්තයට නොයවා මෙම මගීන් පස් දෙනාවම අඳුරු කාමරයකට දමා සිර කොට ඇත. එසේ වීමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගීන්ට චැංගි ගුවන්තොටුපොලෙන් transit යාමට අවසර ලබා නොදෙන බැවිනි. මෙම තත්වය ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැන සිටීය යුතුව තිබියදීත් නොසැලකිලිමත් ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පුදුමයට කරුණකි. මෙම සිද්ධිය වීමට දින කීපයකට කලින් මැලේසියාව හරහා හොන්ග් කොංග් යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගීනටද මේ ආකාරයටම සිදුවීමකට මුහුණ දී මැලේසියාවෙන් පිටුවහල් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රාදේශීය කළමණාකරු මොහාන් නැමැත්තා සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති නිලධාරින්ට පවසා ඇත්තේ මේ සම්බන්ධව ඔහු විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුවත් කර ඇති බවයි.

මෙම සිරගත වීමේ පණිවිඩය දැන ගත් වහාම ඔවුන්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතාව දැනුවත් කර ඇත. එහිදී ඔහු විසින් ඥාතීන්ට මෙම කරුණ පිළිබඳව සොයා බලා සාධාරණයක් ඉෂ්ඨ කරන බව දැනුම් දී ඇත. එම දැනුවත් කරන අවස්ථාවේ ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් විවෘත කිරීමක් සඳහා ප්‍රංශයට ගොස් සිට ඇත. ඥාතීන් විසින් සිංගප්පුරුවේ සිටින ශ්‍රී ලංකා තනාපතිනිය හා නිලධාරීන්ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රාදේශීය කලමානකරු මොහාන් මහතාවද දැනුවත් කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් චැංගි ගුවන් තොටුපලේ කටයුතු කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට බාර දී ඇති අතර එම ආයතනයේ අධිකාරී සිද්දික් නමැති ලාංකික සිංගප්පුරුවේ පදිංචි පුද්ගලයෙක් සමඟ ශ්‍රී ලංකික තිදෙනා සම්බන්ධීකරණය කර ඇත. එම සිද්දික් නැමැත්තා විසින් අභූත චෝදනා කරමින් මෙම තත්වයේ වගකීම මගීන් මතම පටවා ඇත. මොහාන් නමැති ප්‍රාදේශීය කළමනාකරු විසින් මෙම තත්වය හමුවේ මගීන් ගැන කිසිම වගකීමක් ඉෂ්ඨ කර නැත.

ශ්‍රී ලංකික ඥාතීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා විසින් පොරොන්දු වූ පරිදි නිලධාරීනට දැනුම් දුන්නාද නැතහොත් නිලධාරීන් විසින් එම කරුණු මායිමකට නොගත්තාද යන්න සැකයක් පවතින අතර තම සේවාදායකයන් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවයට මීට වඩා අවධානයක් තිබීය යුතු යන්න අපගේ විස්වාශයයි.

Transit නොදෙන බව දන දැනත් ඒ ගැන තැකීමක් නොකර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම බරපතල වරදක් වන අතර එය මගීන්ගේ වරදක් ලෙස හුවා දැක්වීමත් කිසිසේත් අනුමත කල නොහැක. මෙය ලියන විටත් දින ගණනාවක් ගෙවී ගොස් ඇති අතර මේ සම්බන්ධව මගීන්ට වූ අපහසුතාවය සම්බන්ධව කිසිඳු ක්‍රියා මාර්ගයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් නොගැනීම පුදුමයට කරුණකි.

මගීන්ව චංගි ගුවන්තොටුපලේ රඳවා තබා ගෙන පිටුවහල් කිරීම නිසා මෙම මගීන්ට කිසිඳු දිනක සිංගප්පුරුවට යා නොහැක. එමෙන්ම මොවුන්ගේ ගුවන් බලපත්‍ර සිංගප්පුරු ආගමනය විසින් අසාදු ලේඛණ ගත කර ඇති (black list) අතර පිලිපීන ජාතිකයින් ආයෙත් කිසිඳු දවසක ශ්‍රී ලංකා ගුවන් සේවය භාවිතා නොකරනු ඇත.

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීම නිසා පසු දිනෙක් QR 945 ගුවන් යානයෙන් දෝහා ගුවන්තොටුපලටත් ඉන් පසු QR 654 කටාර් ගුවන් යානයෙන් දෝහා සිට ලංකාවටත් පැමිණෙන ලදී. ලංකාවට පැමිණීමෙන් පසු ආගමන හා විගමන කාර්යාලයේ පය 3 1/2 ක ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කර ඇත.

මගීන් විසින් කිසිම වරදක් නොකර මේ ආකාරයට අඩන්තේට්ටම් වලට ලක්වීම ජාතිකව හා ජාත්‍යන්තරව අසාදු ලේඛණ ගත වීම හා වියදම් කරන ලද මුදලට සේවයක් නොලැබීම සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් සේවය වග කිව යුතුය. එමෙන්ම පිලිපීන ජාතිකයින් දෙදෙනාට තම රටට යාමට නොහැක වී ඇත.

පාඩු පිට දුවන එම බරත් රට වැසියන් මත පටවන ශ්‍රීලංකා ගුවන් සේවයේ සභාපතිගේ සිට මෙම අඩන්තේට්ටම් වලට මගීන්ව භාජනය කරන ලද නිලධාරීන් ලෝකයට දෙන ආදර්ශය මෙයද. මෙය ජාත්‍යන්තරව අප මව් බිමට ගෙනෙන කළු පැල්ලමකි. නිසි කළමනාකරණයක් නොමැති මගීන් ගෙන් යැපෙන එම ගුවන් සේවයම පාවිච්චි කරමින් නොයෙකුත් කතා පවසමින් රවුම් ගසන නිලධාරීන් සිටින ආයතනයක් පාඩු පිට දිවීම ගැන කරුණු අවශ්‍ය නැත.

කරුණු මෙසේ තිබියදී ශ්‍රී ලංකා ගුවන් සේවයේ මෙයට වග කිව යුතු නිලධාරින්ට නිසි පරීක්ෂණයක් කර මෙවන් කටයුතු නවත්වනවා වෙනුවට මෙහි වරද මගීන් මත පැටවීමට උත්සහ දැරීමයි. මෙම සිදුවීම මගීන් ගේ ලිපි ලේඛණ වල හෝ වෙනත් ආගමන විගමන උල්ලංඝනය කිරීමක් නොව මුළුමනින්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිංගප්පුරුව හරහා ගමන් කරන මගීන්ට පමණක්ම ඇති වූ කරුණකි. මෙම මගීන් විසින් වෙනත් ගුවන් සේවයකින් ප්‍රවේශ පත්‍ර ලබා ගත්තේ නම් හිරිහැර වලට මුහුණ නොපා ගමනාන්තය දක්වා යාමට හැකියාව තිබුණි.
කෙසේ වෙතත් මීට වගවියුතු කිසිදු නිලධාරියකුට එරෙහිව තවමත් ශ්‍රීලන්කන් පාලනාධිකාරිය විසින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

Share with your friends :