ඉන්දියාව හා පකිස්ථානය අතර ජම්මු කාශ්මීර ප්රදේශයේ ඇතිවූ දරුණු යුදමය තත්වයයක් හේතුවෙන් පකිස්ථානු හමුදා භටයන් අටදෙනෙකු හා ඉන්දීය හමුදා භටයන් සිවු දෙනෙකු මිය ගොස් තිබේ.
දෙරට අතර ඇති සටන් විරාම නීති රීති උල්ලංඝනය කරමින් පකිස්ථානු සොල්දාදුවන් විසින් ජම්මු – කාශ්මීරයේ දවාර් ,කෙරාන් ,ඌරි සහ නාගම්,නම්බ්ලා ,බරමුල්ලා,බනිසුරා ආදී සිවිල් ප්රදේශවලට හදිසියේම දරුණු ප්රහාර එල්ල කර තිබේ. මෙම ප්රහාර වලින් ඉන්දීය හමුදා භටයන් සිවු දෙනෙකු, දේශ සීමා ආරක්ෂක භටයකු හා සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගොස් තිබේ. එසේම ඉන්දීය සිවිල් වැසියන් දාහත් දෙනෙකු සහ ඉන්දීය හමුදා භටයන් තිදෙනෙකු මෙහිදී තුවාල ලැබුහ. පසුව ඉන්දීය හමුදාව ප්රති ප්රහාර එල්ල කර ඇති අතර එහිදී පකිස්තානු හමුදා භටයන් අට දෙනෙකු මිය ගොස් තිබේ. මිය ගිය පිරිස් අතර පකිස්තානු විශේෂ කමාන්ඩෝ බලකායේ සෙබළුන් තිදෙනෙකුද වෙති.
previous post